ජර්මානු ඔබෝ බෙටර්මාන් ‘ඕබෝ රාති‍්‍රය 2018’ ශි‍්‍ර ලංකාවේදී මහ ඉහළින්

Business & Finance Lifestyle Technology

ජාත්‍යන්තර විද්‍යුත් හා ගොඩනැගිලි තාක්ෂණෝපාංග නිෂ්පාදන කෙෂ්ත‍්‍රයේ ප‍්‍රමුඛතම ජර්මානු නිෂ්පාදකයකු වන ඔබෝ බෙටර්මාන් ( Obo Bettermann) සමාගම විසින් එහි ශි‍්‍ර ලාංකික ගනුදෙනුකරුවන් සඳහා වාර්ෂිකව සංවිධානය කරනු ලබන ඕබෝ රාති‍්‍රය මෑතකදී මහ ඉහළින් පවත්වනු ලැබීණි.

යුරෝපා කලාපයේ සහ ඉන් පිටත විදේශ රටවල් 60ක අනුබද්ධිත සමාගම 40ක සේවකයින් 4000ක පමණ සංඛ්‍යාවකින් මෙම සමාගම සමන්විත වේ. 90 දශකයේ මැද භාගයේ පටන් ශි‍්‍ර ලංකාවෙහි තම ව්‍යාපාරික කටයුතු වල නියැලූන මෙම සමාගම පළමු වරට එම සමාගම සඳහාම වූ ආයතනයක් ලංකාවේ පිහිටවනු ලබන්නේ 2011 වසරේදීය. 2018 ජුනි 22 වන දින පැවැත්වුණු හදුන්වාදීමේ උත්සවයෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙසින් සහභාගී වුයේ ශි‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා වන ජර්මානු තානාපති ජෝන් රෝඞ් මහතාය.

හෙන්මෑන් මහතා විසින් තානාපති ජෝන් රෝඞ් මහතාට සංකේත ප‍්‍රදානයක් සිදු කරන අවස්ථාවේදී ජබිර් මහතාද එයට එක්විණි

“මෙම උත්සවය සඳහා සහභාගී වීමට ලැබීම සම්බන්ධයෙන් මා ඉතා සතුටට පත්වනවා. OBO Bettermann සමාගමෙහි ව්‍යාපාර කටයුතු පිළිබඳව මා බොහෝ සෙයින් නොදන්නා බැවින් එම සමාගම පිලිබඳ මම වැඩි වශයෙන් අවධාරණය නොකරමි. නමුත් මෙහි ආදර්ශ පාඨය දුටු විගස, මා හට හැගී ගියේ අප සියල්ල එකම අංශයක කටයුතු කරනා බවයි. එනම් දෙරට අතර සබඳතා වර්ධනය කිරිමයි. මගේ රාජකාරිය වන්නේ ජර්මනිය සහ ශි‍්‍ර ලංකාව අතර රාජ්‍ය තාන්ත‍්‍රික සබදතා වර්ධනය කිරීම පමණක් නොව, එහි ජනයා ද එකිනෙකා හා සම්බන්ධ කිරීමය, ශි‍්‍ර ලංකාවේ ජර්මානු තානාපති ජෝන් රෝඞ් මහතා නැවතත් අවධාරණය කළේය.

OBO Bettermann ශි‍්‍ර ලංකාව, මැද පෙරදිග සහ උතුරු අපි‍්‍රකා කලාපයේ විකුණුම් හා උපායමාර්ග අධ්‍යක්ෂ රැල්ෆ් හෙනමෑන් මහතා

“මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වීම සඳහා ශි‍්‍ර ලංකාවට පැමිණීමට ලැබීම මහත් ගෞරවයක් හා අනගි වරප‍්‍රසාදයක් ලෙසින් මා සලකනු ලබනවා. විදුලිය, දත්ත සහ බලශක්ති පාලනය කරන උපකරණ සහ තාක්ෂණෝපාංග මගින් අපි සබදතා ගොඩනගා ගනු ලබනවා. අපගේ උසස් තත්ත්වයේ නිෂ්පාදන නව්‍යකරණ පද්ධතියක් බවට පත්කර අපගේ ජාලගත විසඳුම් මුළු ලොව පුරා සියලූ ආකාරයේ ගොඩනැගිලිවල විීද්‍යුත් යටිතල පහසුකම් නිර්මාණය කිරීමේ ව්‍යාපෘති සඳහා යොදාගනු ලබනවා. අපගේ නවීනතම නිෂ්පාදනාගර සහ අඛණ්ඩ ක‍්‍රියාවලි ප‍්‍රශස්තිකරණ මගින් පළමු පන්තියේ උපකරණ සහ සේවා සැපයීමට අප හට හැකියාව ලැබී තිබෙනවා. අපගේ නිෂ්පාදන ක්රියාවලිය ප‍්‍රශස්තිකරණය උදෙසා නව මාවත් සොයාගැනීමට අප විසින් මහත් පරිශ‍්‍රමයක් යොදනු ලබනවා. අපගේම දැනුම මත සහ උපදෙස් මත ඕබෝ සේවකයින් සියලූදෙනාම අප සමාගමේ දියුණුව උදෙසා දායකත්වයක් සපයනවා. නිෂ්පාදනයේ උසස් භාවය සහ ක‍්‍රියාවලි ස්වයංක‍්‍රියකරණය මගින් නිෂ්පාදනාගරවල පැහැදිලි වර්ගීකරණයෙදී මහත් නම්‍යශීලිත්වයක් සහ කාර්යක්ෂමතාවක් ලබා දෙනු ලබනවා,” යැයි පැමිණ සිටි පිරිස අමතමින්  OBO Bettermann සමාගමෙ ශි‍්‍ර ලංකාව, මැද පෙරදිග සහ උතුරු අපි‍්‍රකා කලාපයේ විකුණුම් හා උපායමාර්ග අධ්‍යක්ෂ රැල්ෆ් හෙනමෑන් මහතා පවසා සිටියේය.

 

එරන්ද ගිනිගේ මහතා

 

ලංකා සමාජ ව්‍යවසයකතව පදනමෙහි නිර්මාතෘ එරන්ද ගිනිගේ මහතා ‘සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපාර’ පිලිබඳ දේශනයක් කල අතර පේරාදෙණිය විශ්ව විද්යාලයෙහි විදුලි ඉංජිනේරු අංශයෙහි ආචාර්ය අසංක රොඞ්රිගෝ මහතා විසින් ‘සර්ජ් ප්‍රොටෙක්ටර්හි වැදගත්කම’ යන මාතෘකාව යටතේ ඉතා හරවත් දේශනයක් සිදු කරන ලදී.

 OBO Bettermann අධ්‍යක්ෂ හාඩි ජබීර් මහතා

“අපගේ සේවකයින් සහ ගනුදෙනුකරුවන් සමඟ මහත් විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීමට අප සැමවිටම උත්සහ කරනු ලබනවා. මේ සඳහා සමාගමේ සියලූ අරමුණු, ක‍්‍රියාවලින් සහ දත්ත නිරන්තරයෙන් මැනීමට , නිදේශනය කරගැනීමට සහ හැකියාවක් පවතීනම් වර්ධනය කරගැනීමටද කටයුතු කරනු ලබනවා. අපගේ සාර්ථකත්වයේ පදනම වන්නේ අපේ නිෂ්පාදනවල අඛණ්ඩ සංවර්ධනය සහ නවීකරණයයි. අපගේ දිගුකාලීන හවුල්කරු හා බෙදාහරින්නා ලෙසින් අපහට ඉමහත් දායකත්වයක් සපයන සෝ ඉංජිනේරු පුද්ගලික සමාගමෙහි කළමනාකාර අධ්‍යක්ෂ සහ සභාපති, අතුල ජයරත්න මහතා වෙත මා ඉතා කෘතඥ වනවා,” යනුවෙන් ශි‍්‍ර ලංකාව, පකිස්ථානය, බංගලාදේශය සහ මාලදිවයින යන රාජ්‍යයන් සඳහා විකුණුම් සහ අලෙවිකරණ අධ්‍යක්ෂ හාඩි ජබීර් මහතා ස්තුති කතාව පවත්වමින් ප‍්‍රකාශ කර සිටියහ.

www.obo-bettermann.com

(Hardi Jabir, Director – Sales & Marketing – Sri Lanka, Pakistan, Bangladesh & Maldives, OBO Bettermann – hardi@obo.de )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *