ගෝටාට තවත් නඩුවක් වැටෙයි

News Politics

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ සොහොයුරෙකු වූ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට,  රෝ‍යි සාමදානම් වෙනුවෙන් ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතිය විසින් තවත් නඩුවක් පවරා ඇත.

ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද දින උදැසන (ඇමරිකා වේලාවෙන් ඉරිදා රාත්‍රී) කැලිෆෝනියාවේ පැසඩීනා හිදි නොතිසි බාර දී ඇත.

2007 සැප්තැම්බර්හීදි කොළඹදි ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඍජූවම වාර්තා කරන පොලිස් ත්‍රස්ත විමර්ශන අංශය විසින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශාරිරිකව හා මානසික වධහිංසාවලට නතුකළ බවත් වසරක රැඳවුම් කාලයකින් අනතුරුව 2008 අගෝස්තුහීදි තර්ජනය ලක්කොට බොරු පාපොච්චාරණයකට  අත්සන් ලබාගත් බවත් සාමදානම්  වෙනුවෙන් ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතිය ප්‍රකාශ කොට සිටි.

මීට පෙර, ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව හිටපු ජනප්‍රිය ගවේෂණාත්මක  මාධ්යවේදී සහ The Sunday Leader  පුවත්පතෙහි ආරම්භක ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දියණියක් වන අහිංසා වික්‍රමතුංග එක්සත් ජනපදයේ නඩුවක් ගොනු කළාය . ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජනපද පුරවැසියෙකු වන අතර ඔහු දැනට නිවාඩු සඳහා එක්සත් ජනපදයේ සිටී. 2019 නොවැම්බර් 8 සහ දෙසැම්බර් 8 අතර පැවැත්වීමට නියමිත  ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත්වීම සඳහා එක්සත් ජනපද පුරවැසිභාවය අත්හිටුවීමට ගෝඨාභය තීරණය කර තිබේ.

(ජාත්‍යන්තර සත්‍ය හා යුක්ති ව්‍යාපෘතිය විසින් පළ කළ ප්‍රකාශය පහත දැක්වේ)

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *